මාස තුනකට බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කරලා

ගෙවුණු මාස තුනක කාලය තුළ වෛද්‍ය සැපයුම් ඒකකයට ගෙන්වන ලද තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය වාර්තා කරනවා.

මෙරෆනම් ප්‍රතිජීවක ඖෂධය, ක්ලින්ඩර්මයිසීන් ප්‍රතිජීවක ඖෂධය මෙන්ම මෙරට නිෂ්පාදිත දියවැඩියා ඖෂධයක්ද ඒ් අතර වනවා.

කොවිඩ් වසංගතය සහ මෙරට පැන නැගුණු ආර්ථික අර්බුදයත් සමග ලංකාවේ සෞඛ්‍ය පද්ධතියෙන් සැපයුණු සේවාවල ප්‍රමිතිය බිඳවැටීමක් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා පළ වුණා.

සාමාන්‍ය ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ප්‍රමිති පරීක්ෂාව බිඳවැටීම සහ හදිසි ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ මහ පරිමාණයෙන් දූෂණ වංචාවලට ඉඩ සැකසී ඇති ආකාරය සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අවස්ථා ගණනාවකදී පෙන්වා දෙනු ලැබුවා.

හිටපු සෞඛ්‍ය බලධාරීන් ඉවත් කොට නව සෞඛ්‍ය ඇමතිවරයෙකු පත්කර ගැනීමට ද කටයුතු කෙරුණේ එම තතත්වය වහා වෙනස් කරගැනීමේ අරමුණෙන්.

එහෙත් තවමත් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු නොවන බව මෙසේ ඖෂධ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීමෙන් තහවුරු වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46