AFC Banner
Empty Ad
AFC Banner

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වසර 3කට පසු ලැබූ ජය

වසර 3 කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ භූතාන කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්.

ෆීෆා සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර තරගය ඊයේ (250 රාත්‍රී පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේ දී.

තරගය නැරඹීමට 70000කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් රැස්ව සිටීම ද මෙරට පාපන්දු පිටියේ දුර්ලභ දසුනක් වුණා.

තරගයේ පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොමැතිවයි.

දෙවැනි අර්ධයේ දී වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 45 වැනි මිනිත්තුවේදී ඩිලෝන් ද සිල්වා හා 54 වැනි මිනිත්තුවේදී ඔලිවර් ජේම්ස් ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගය ශ්‍රී ලංකා හිටපු නායක මොහොමඩ් ෆසාල්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වූ අතර ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීමත් විශේෂත්වයක්.

ෆසාල් වසර 16ක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 53ක් ක්‍රීඩා කර ඇති අතර 2018 -2019 කාලය තුළ නායකයා ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා තිබුණේ 2021 වසරේ දී.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගෝල 2 – 1ක් ලෙසින්.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 204 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම වර්ගීකරණයේ 184 වැනි ස්ථානයේ සිටින භූතාන කණ්ඩායම පරාජය කළේ වසර 11 කට පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු රස්සා - පොඩි රස්සා කියලා එකක් නෑ -සමාජයේ යටම ඉන්න මනුස්සයටත් හොඳ වැටුපක් ලැබෙන්න ඕනි
03:30
Video thumbnail
මාලිමාවටත් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙයි #npp #akd
03:00
Video thumbnail
PRAHARAYA | ආර්ථික කටයුතු හා මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත සහභාගීවන ප්‍රහාරය
01:28:57
Video thumbnail
ජනාධිපති උපදේශක අනිල් ජයනත් කොරවුණ IMF ප්‍රශ්නය #imf #anurakumaradissanayake
05:05
Video thumbnail
වරප්‍රසාද නැතිව වැඩ කරන ජනපති උපදේශකවරු #anurakumaradissanayake
06:05
Video thumbnail
ජනපති අනුරගේ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මාලිමාවේ දේශපාලනයට ආ හැටි
05:10
Video thumbnail
විජිතයි - හරිනියි දෙන්න තමයි ජනපතිව විනාශ කරන්නේ - මුන්ට දෙවියන්ගේ හාල් කැවිලා
02:17
Video thumbnail
එයා හිතන් ඉන්නේ දිනුම් කියලා - නෑ එයා දිනන්න - රට දිනන්න ඕනි
06:38
Video thumbnail
කුඩ 16ක් ගත්තලු - කජු කොටි 40ක් කෑවලු - එළවළු කෑවලු - එලවළු කන එක හොඳයිනේ
12:05
Video thumbnail
රනිල්ට යකා වැහෙයි - දුම්මල වරම අතට ගනී - අනුරට සැරටම දෙසයි
12:12

?