CIDයට ප්‍රකාශයක් දුන් මෛත්‍රීපාල මාධ්‍යවේදීන් මඟ හැර යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළේ කව්දැයි තමන් දන්නා බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුව අද (25) දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රකාශය ලබා දුන්නා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන තුරු බලා සිටි මාධ්‍යවේදීන් මග හරිමින් ඔහු ඉන් පිටව ගිය බව මාධ්‍යවේදීන් පැවසුවා.