කොල්කටාවට ඊයේ රෑ ජයගෙන ආ හර්ෂිත් රානාට ලොකු දඬුවමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (24) රාත්‍රියේ පැවති තරගය තියුණු සටනකින් පසු ජයගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

කොල්කටා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 04කින් පරාජය කරමින්.

අවසන් පන්දුවාරයේ දී මෙම තරගයේ ජයග්‍රහණය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ගෙන ඒමට පුරෝගාමියා වූ වේග පන්දුයවන ක්‍රීඩක හර්ෂිත් රානාට දඬුවම් පමුණුවන්නට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු අයි.පී.එල්. ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන්.

මෙහිදී ඔහුට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 60ක දඩයක් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ තරගයේ දී මායන්ක් අගර්වාල්ගේ දැවීයාමෙන් පසු හර්ෂිත් ඔහුට දැක්වූ අයහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සහ හෙන්රිච් ක්ලාසන්ට පිටිය මැද දී දැක්වූ අයහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල පනවා තිබෙනවා.

මෙම තරුණ ක්‍රීඩකයා සන්රයිසස් කණ්ඩායමට එරෙහි තරගයේ තරග ජයග්‍රාහකයා බවට පත් වුවත්, ඔහුගේ හැසිරීම බොහෝ දෙනා කලකිරීමට පත් කළ සිදුවීමක් වුණා.

හර්ෂිත් රානා ඊයේ (23) තරගයේ දී ඔහුගේ පන්දුවාර 04 තුළ ලකුණු 33ක් ලබාදෙමින් හයිද්‍රාබාද් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54