මදන මෝදක 625ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් හා තරුණයන් ඉලක්ක කර ගනිමින් විකිණිම සඳහා ගංජා මිශ්‍රිත මදන මෝදක සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි නුවරඑළිය දිව්‍යා ඔසුහල, හාවාඑළිය යන ප්‍රදේශයේ දී අදාළ වැටලීම සිදුකර තිබුණා.

එහි දී පාසල් ළමුන් හා ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් විකිණිම සඳහා ගංජා මිශ්‍රිත මදන මෝදක සන්තකයේ තබාගෙන සිටි කදපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 30 ක් වන පුද්ගලයකු ගංජා මිශ්‍ර මදන මෝදක 625 ක් සමග අත්අඩංගුවට ගැනීමටයි සමත්ව ඇත්තේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු නුවරඑළිය පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
03:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි - හඳ කම්පා කරන පුවත
01:00
Video thumbnail
රෑට එකතුවෙලා හොරකමේ යනවා වගේ වැඩක් මේ - වටගල හිනාවෙවී විපක්ෂයට හොඳට අමතයි
14:07
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43
Video thumbnail
කක්කුස් මාලි, ලැට් මාලිට කියන්න මම දන්න සිංහලෙන් කතා කරන්නේ
01:15
Video thumbnail
වෙලාව වැඩියෙනුත් අරන් දයාසිරි අධිකරණ ඇමතිට රිදෙන්න දෙයි - කිඹුලන්ට පාන් දෙන්න යැව්වා වගේ
19:06
Video thumbnail
කරදරයි අනේ.. කෑගහන්න එපා..
02:16