යෝහානි – එඩ්වඩ් මායා එක්ක කරපු අලුත්ම වැඩේ

ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සලකුණ ඉහලින්ම තැබූ යොහානි එම පියවරේ තවත් කඩඉමක් ඊයේ (22)දින පසුකළා.

ඒ, ජාත්‍යන්තරයේ සංගීත දර්ශකවල ප්‍රමුඛ ස්ථාන අතරට සිය ගීත රැගෙන ගිය “එඩ්වඩ් මායා” සමග එක්ව සිදුකළ නවතම ගීතය Youtube සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනය සඳහා නිකුත් කිරීමත් සමගයි.

1993 වසරේදී උපන් යොහානි දිලෝකා ද සිල්වා “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් බොලිවුඩය ආක්‍රමණය කළේ ක්ෂණයකින්.

ඇයගේ ගායනය පිළිබඳ තැබූ සටහනක් ද සමගින් ප්‍රවීන රංගන ශිල්පී අමිතාබ් බච්චන් එම ගීතය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල තැබීමත් සමග ඇයට බොලිවුඩයේම අවධානය යොමු වුණා.

ඉන් අනතුරුව ඇය ඉන්දීය සංගීත ශිල්පීන් සමග නිර්මාණ රැසකට දායක වූ අතර, ඇය එහිදී එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ මෙරට සංගීත ශිල්පියෙකුට ළඟාවීමට නොහැකි වූ කඩඉමක් ස්පර්ශ කළා.

යොහානිට ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් Hate fan base එකක් පැවතියත්, ඇයගේ සිය හැකියාව තුළින් මේ වනවිට තමන්ගේ මාර්ගය ලොවට පෙන්වා තිබෙනවා.

Billboard Awards Winner කෙනෙක් වන Edward Maya කියන්නේ ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ සිය රටාවේ හිනිපෙත්තේ සිටින සංගීත ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙක්.

Edward Maya ගේ & quot;Stereo Love” ගීතය එක්සත් ජනපදයේ Billboard සංගීත දර්ශකයට මෙන්ම යුරෝපයේ සංගීත දර්ශකවලද මුල් තැන ගත්තා.

ඉතිං මේ Edward Maya සමග යොහානි කරපු ගීතය ඊයේ Youtube සමාජ මාධ්‍ය ජාලය හරහා ඊයේ නිකුත් කළා.

යොහානි සමග Edward Maya සිදුකළ Diamonds ලෙසින් නම් කෙරුණු ගීතය ඊයේ (22)දින රසිකයින් වෙත නිකුත් කෙරුණු අතර, එම ගීතයේ පද රචනාවට සිංහල වදන් කිහිපයක්ද එක් කර තිබීම විශේෂත්වයක්.

එසේම, එය සංගීත කැටගරියේ ට්‍රෙන්ඩින් ලැයිස්තුවේ 26 වන ස්ථානයේ පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25