AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙයි

ශ්‍රී ලංකාවට ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළකර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ අවිස්සාවේල්ල මූලික රෝහලේ නව සය මහල් ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (22) දින එක්වෙමින්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයක් වන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

රට දියුණුව කරා ගමන් කිරීමේ යම් ස්ථාවර මාර්ගයකට පැමිණ තිබෙන බැවින් ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සතුට පළකළ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව ඉදිරි මූල්‍ය සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කිරීමට එකඟය යන්න එහි නියෝජිතයින් ප්‍රකාශ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?