මතීෂ වෙනුවට චෙන්නායි පිළට වෙනත් විකල්පයක්

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වන අදියර අද (22) ආරම්භ වනවා.

මෙවර තරගාවලිය සඳහා එක්වන විදෙස් ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් ක්‍රීඩකයින් මේ වනවිටත් ඔවුන්ගේ කණ්ඩායම් සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නෙක්වන මතීෂ පතිරණට තරගාවලියේ මූලික අදියරේ තරග කිහිපයක් අහිමිව ගොස් තිබෙනවා.

ඒ ඔහු පදයේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

21 හැවිරිදි මතීෂ බංග්ලාදේශය සමඟ සිල්හෙට්හි දී පැවති විස්සයි විස්ස තරගාවලිය තුළ මෙම ආබාධයට ලක් වුණා.

මේ හේතුවෙන් ඔහුට අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබී යනවා.

මේ අතර ඔහුට අයි.පී.එල් තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවසරය ලබා ගැනීමෙන් පසුව වීම විශේෂත්වයක්.

මුල් තරග කිහිපයට මතීෂ සහභාගී නොවීම මත චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ඩ්වේන් බ්‍රාවෝට විකල්පයක් තෝරාගැනීමට මේ වනවිට සිදුව තිබෙනවා.

ඒ, අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීමට නව පන්දු යවන්නෙකු සොයාගැනීමේ විකල්පයයි.

ඒ, අනුව වසර දෙකකට පසු යළි චෙන්නායි කණ්ඩායම සමඟ එක් වූ ෂර්දුල් තාකූර්, පතිරණගේ විකල්පය ලෙස තෝරා ගනු ඇති බවයි චෙන්නායි කණ්ඩායමෙන් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14