spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මතීෂ වෙනුවට චෙන්නායි පිළට වෙනත් විකල්පයක්

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වන අදියර අද (22) ආරම්භ වනවා.

මෙවර තරගාවලිය සඳහා එක්වන විදෙස් ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් ක්‍රීඩකයින් මේ වනවිටත් ඔවුන්ගේ කණ්ඩායම් සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නෙක්වන මතීෂ පතිරණට තරගාවලියේ මූලික අදියරේ තරග කිහිපයක් අහිමිව ගොස් තිබෙනවා.

ඒ ඔහු පදයේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

21 හැවිරිදි මතීෂ බංග්ලාදේශය සමඟ සිල්හෙට්හි දී පැවති විස්සයි විස්ස තරගාවලිය තුළ මෙම ආබාධයට ලක් වුණා.

මේ හේතුවෙන් ඔහුට අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබී යනවා.

මේ අතර ඔහුට අයි.පී.එල් තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවසරය ලබා ගැනීමෙන් පසුව වීම විශේෂත්වයක්.

මුල් තරග කිහිපයට මතීෂ සහභාගී නොවීම මත චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ඩ්වේන් බ්‍රාවෝට විකල්පයක් තෝරාගැනීමට මේ වනවිට සිදුව තිබෙනවා.

ඒ, අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීමට නව පන්දු යවන්නෙකු සොයාගැනීමේ විකල්පයයි.

ඒ, අනුව වසර දෙකකට පසු යළි චෙන්නායි කණ්ඩායම සමඟ එක් වූ ෂර්දුල් තාකූර්, පතිරණගේ විකල්පය ලෙස තෝරා ගනු ඇති බවයි චෙන්නායි කණ්ඩායමෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
9
+1
17
+1
5
+1
8
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?