ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කරයි

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය ලෙස සැලකෙන, ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව මාස දෙකක මැතිවරණ සටනක් සඳහා වේදිකාව සකසමින් අදියර 7ක් යටතේ මෙම මැතිවරණය පැවැත්වෙනු ඇති.

මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ වන අතර අප්‍රේල් මස 26 වැනිදා දෙවන අදියර ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි මස 07 වනදාත්, 04 වන අදියර මැයි මස 13 වනදාත්, 05 වන අදියර මැයි මස 20 වනදාත්, 06 වන අදියර මැයි මස 25 වනදාත්, 07 වන අදියර ජුනි මස 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ප්‍රතිඵල නිකුත් කිරීම ජුනි මස 04 වැනිදා සිදුකරන බව ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ලෝක් සභාව, ඉන්දියාවේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව වන අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය රාජ්‍ය සභාවයි.

ලෝක් සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සර්වජන ඡන්ද බලයෙන්වන අතර, ඔවුන් වසර පහක් හෝ ජනාධිපතිවරයාගේ උපදෙස් මත විසුරුවා හරින තෙක් ඔවුන්ගේ ආසනයට හිමිකම් ලබනවා.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන් කර ඇති සභාවේ උපරිම සාමාජික සංඛ්‍යාව 552ක් වන අතර,තෝරා පත් කර ගැනෙන ආසන සංඛ්‍යාව 543ක්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව තුන්වැනි වරටත් සිය බලය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙන් පුලුල් මැතිවරණ ව්‍යාපාරයක් දැනටමත් ආරම්භ කර අවසන්.

රජිව් ගාන්ධිගේ කෙංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය පවසන්නේ බී.ජේ.පී ආණ්ඩුව පෙරළා දමන බවයි.

මිලියන 970 කට ආසන්න ඡන්දදායකයන් හෙවත් එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ සහ රුසියාවේ සමස්ත ජනගහනයට වඩා, පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23