දාස් අවසන් එක්දින තරගයෙන් ඉව‍තට

ශ්‍රී ලංකාව සමඟ ලබන සඳුදා පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරඟයෙන් ආරම්භ පිතිකරු ලිටන් කුමාර් දාස් ඉවත්කර තිබෙනවා.

ඔහු වෙනුවට කඩුලු රකින පිතිකරු ජේකර් අලි බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් කළමනාකාරීත්වයේ උපදෙස් මත ලිටන් දාස් සංචිතයෙන් නිදහස්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් පළමු එක්දින තරග දෙකේදීම ලකුණු ලබා ගන්නට පෙර ලිටන් දාස්ව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංකට හැකියාව ලැබුණා.

මේ අතර බංග්ලාදේශ තේරීම් කමිටුවේ සභාපති ගාසි අෂ්රෆ් හොසේන් සඳහන් කළේ කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජයගෙන තරගාවලිය සම තත්ත්වයේ පසුවීම මත ජේකර් අලිගේ එක්වීම මැද පෙළට වැඩි විකල්ප සහ නම්‍යශීලී බවක් කණ්ඩායමට ලබාදෙනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15