අලුත්ගම සූදුපොළක් වටලයි – සූදු කෙළිය කතුන් අටක් අල්ලයි

අලුත්ගම නගරයේ සුඛෝපභෝගී දෙමහල් නිවාසයක පවත්වාගෙන ගිය සූදුපොළක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

මෙහිදී පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් අටදෙනෙක් අලුත්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ලද තොරතුරක් මත ඊයේ (09) සවස සිදුකළ වැටලීමක දී අලුත්ගම නගරයේ සතිපොළ පිහිටි භූමිය ආසන්නයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම සූදු පොළ වටලා තිබෙනවා.

මෙම සූදු පොළ දිගු කාලයක සිට ඉතා රහසිගතව මෙම ස්ථානයේ පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අදාළ දෙමහල් නිවාසයේ පහත මහලේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉහළ මහලයේ මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් තිබෙනවා.

රූපලාවන්‍ය කටයුතුත්තක් සිදුකර ගැනීමට අවශ්‍ය බව පවසමින් අලුත්ගම පොලිසිය මඟින් උපාය දූතයෙක් යොදවා මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී කාන්තාවන් අටදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොස්ගොඩ, බලපිටිය, අලුත්ගම, කළුතර, බේරුවල බෙන්තර, අහුන්ගල්ල යන ප්‍රදේශවලින් මෙම ස්ථානයට පැමිණි අය බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40