ගෝන මස් තොගයක් බසයකින් ප්‍රවාහනය කරද්දී අල්ලයි

පානම සිට මොණරාගල දක්වා ධාවනය වන ලංගම බස් රථයකින් ගෝන මස් ප්‍රවාහනය කරමින් සිටිය දී ගෝන මස් කිලෝ 40ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පානම සිට මොණරාගල දක්වා ධාවනය වන ලංගම බස් රථයකින් ගෝන මස් ප්‍රවාහනය කරන බවට පොතුවිල් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (07) දහවල් පොතුවිල් බස් නැවතුමේ බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී බස් රථයේ ඩිකියේ තිබී මෙම ගෝන මස් තොගය සොයාගත් බව පොලිසිය පවසනවා.

පසුව මෙම ගෝන මස් ප්‍රවාහනය සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කර සිටී.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි බිබිලේගම, පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39