ආමර් වීදියේ ආපනශාලාවකට මැර ප්‍රහාරයක්

කොළඹ ආමර් වීදියේ ආපනශාලාවකට ඊයේ (03) දින මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කඩු, පොලු සහ තවත් ආයුධ රැගත් පිරිසක් විසින් ” ලංකා හොටෙල් ” නමැති ආපනශාලාවට බලහත්කාරයෙන් ඇතුල් වී මෙම පහරදීම සිදු කර තිබුණා.

මෙම මැර ප්‍රහාරය ඊයේ (03) අලුයම 1ට පමණ එල්ල වී ඇත්තේ, ආපනශාලා හිමිකරු සහ තවත් සේවකයන් 50කට අධික ප්‍රමාණයක් එහි සේවය කරමින් සිටින අවස්ථාවේදීයි.

පහර කෑමට ලක් වූ සේවකයන් තිදෙනෙක් සහ පාරිභෝගිකයෙක් මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් ආපනශාලාවට සහ එහි භාණ්ඩවලට දැඩි අලාභ හානි සිදුව ඇති බව දැකිය හැකියි.

මෙම ආපනශාලාව කුලී පදනම මත පවත්වා‌ගෙන යන අතර ආපනශාලා හිමිකරු කියා සිටියේ, මෙම ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගෙන් ගොඩනැගිල්ල ඉල්ලා තර්ජනය කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ප්‍රහාරය ඔහු විසින් සැලසුම්කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03