spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආමර් වීදියේ ආපනශාලාවකට මැර ප්‍රහාරයක්

කොළඹ ආමර් වීදියේ ආපනශාලාවකට ඊයේ (03) දින මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කඩු, පොලු සහ තවත් ආයුධ රැගත් පිරිසක් විසින් ” ලංකා හොටෙල් ” නමැති ආපනශාලාවට බලහත්කාරයෙන් ඇතුල් වී මෙම පහරදීම සිදු කර තිබුණා.

මෙම මැර ප්‍රහාරය ඊයේ (03) අලුයම 1ට පමණ එල්ල වී ඇත්තේ, ආපනශාලා හිමිකරු සහ තවත් සේවකයන් 50කට අධික ප්‍රමාණයක් එහි සේවය කරමින් සිටින අවස්ථාවේදීයි.

පහර කෑමට ලක් වූ සේවකයන් තිදෙනෙක් සහ පාරිභෝගිකයෙක් මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් ආපනශාලාවට සහ එහි භාණ්ඩවලට දැඩි අලාභ හානි සිදුව ඇති බව දැකිය හැකියි.

මෙම ආපනශාලාව කුලී පදනම මත පවත්වා‌ගෙන යන අතර ආපනශාලා හිමිකරු කියා සිටියේ, මෙම ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගෙන් ගොඩනැගිල්ල ඉල්ලා තර්ජනය කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ප්‍රහාරය ඔහු විසින් සැලසුම්කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?