පාසල් පොත් බෑගයේ බර අඩුකරන චක්‍රලේඛය අද සිට

පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (04) දිනයේ පාසල් වෙත නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම හේතුවෙන් සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ.

විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරුවන්ට පොත් රැගෙන ඒම පිළිබඳව උපදෙස් ආදාළ චක්‍රලේඛයේ සඳහන් බවයි ලේකම්වරයා පැවසුවේ.

තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසුන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුවක් වන පොත් බෑගයේ බර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළම මාධ්‍යයේ කතා බහට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
29
+1
5
+1
11
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?