මිලියන 100ක අයිස් සමඟ තිදෙනෙක් STF දැලේ

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

මෙලෙස සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 100කට ආසන්න බවයි පොලීසිය පැවසුවේ.