සහරාන්ගේ මස්සිනා ඇතුළු තිස්දෙනා ඇප මත නිදහස්

කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී පසුගිය 01 වනදා අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම නියෝගය නිකුත් කරමින් අධිකරණය පැවසුවේ සැකකරුවන්ට ලබන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

කත්තාන්කුඩි පොලිස් වසමේ පාලමුණ – ආරියම්පති ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ මඩුවක් වැනි ස්ථානයක පසුගිය 01 වනදා අලුයම් කාලයේ පුද්ගලයින් පිරිසක් පමණ රැස්ව සිටින බවට කාත්තන්කුඩි පොලීසියට තොරතුක් ලැබී තිබුණා.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය යම් අපරාධ ක්‍රියාවක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් රැස්ව සිටින බවට වූ සැකය මත ඔවුන් පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සහරාන් හෂිම්ගේ මස්සිනා සහ ඔහුගේ වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක් ද සිටි බවයි අනාවරණය වුණේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස අවුරුදු 24ත් 48ත් අතර වයස්වල පසුවන කාත්තන්කුඩි සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව මෙම පිරිස යම් අපරාධයකට හෝ රාජ්‍ය විරෝධි ක්‍රියාවක් සිදුකිරිමේ අරමුණින් රැස්ව සිටි බවට තොරතුරු අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?