ලක්ෂ 15කට අස්වැසුම ප්‍රතිලාභ ගෙවා අවසන් – ඉතිරි ලක්ෂ 05ට ප්‍රතිලාභ ගෙවීම නුදුරේදීම

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම තෝරාගත් ලක්ෂ 20ක ප්‍රතිලාභීන්ගෙන් ලක්ෂ 15කට මේ වනවිට ප්‍රතිලාභ ගෙවා අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අනෙකුත් ප්‍රතිලාභීන් සඳහා ඉදිරි මාස කිහිපය තුළ දී ප්‍රතිලාභ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ශක්තිමත් යාන්ත්‍රනයක් බවට පත්කර රටේ සිටින දිළිඳුම පවුල් තෝරාගෙන ප්‍රතිලාභ ගෙවීමටත්, ලක්ෂ විස්සක් වූ ප්‍රතිලාභී සංඛ්‍යාව ලක්ෂ විසිහතරක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අස්වැසුම ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් 7000ක් පමණ හඳුනාගෙන ඇති බවත් එම ප්‍රතිලාභ හිමිකරගත් පුද්ගලයන් වෙනුවෙන් පනතට අනුව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59