අතිරේක සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ (වීඩියෝ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අතිරේක ලේකම් සමන් රත්නායක අද (02) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රශ්න කිරීම සඳහා ඔහුව ඊයේ (01) දින පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් පැය 09කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සමන් රත්නායකට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සැකකරුවන් එළැඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?