අතිරේක සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ (වීඩියෝ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අතිරේක ලේකම් සමන් රත්නායක අද (02) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රශ්න කිරීම සඳහා ඔහුව ඊයේ (01) දින පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් පැය 09කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සමන් රත්නායකට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සැකකරුවන් එළැඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02