තියුණු ආයුධවලින් සිව්දරු පියෙක් කපා කොටා ඝාතනය කරලා

වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයට අයත් හොරවල, මල්වතුකන්ද, පැළකැටියා⁣ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (28) රාත්‍රීයේ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කොට ඇත්තේ, පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකි.

මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

පසුව එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු එකවරම මරණකරු වෙත පිහි ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මරණකරු අසල පිහිටි නිවසක් වෙත දිව ගොස් තිබුණා.

ඔහු එම නිවසේ මිදුලේ ඇද වැටීමත් සමගම මොවුන් දෙදෙනා පිහි පාරවල් කිහිපයක්ම මරණකරුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට එල්ල කොට ඇත ඇති අතර ඉන්පසු එම පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රදේශවාසීන් විසින් මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇතැයි වෑත්තෑව රෝහල පැවසුවා.

මෙම පහර දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් වැලිපැන්න පොලිසිය මගින් හඳුනාගෙන ඇති අතර මෙම පහර දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල දමා පලා ගොස් තබිය දී උරණ වූ ප්‍රදේශවාසීන් එම යතුරුපැදියට ගිනි තබා විනාශ කොට තිබෙනවා.

පහර දීම සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය ප්‍රකාශ කරන්නේ, මරණයට පත් පුද්ගලයා මීට පෙර සොරකම් කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකු වන අතර ඔහුගේ දෙවැනි බිරිඳ සමග ඔහු ජීවත් වූ බවත්ය.

මෙම ඝාතනය සඳහා පැමිණි ප්‍රධාන සැකකරු වැලිපැන්න දියඋල්පත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ඝාතනයට පැමිණි පළවෙනි සැකකරුගේ පුත්‍රයා සමග මෙම මරණකරුගේ පළවෙනි බිරිඳ ප්‍රේම සබඳකම් පවත්වන බවත්, එම හේතුවෙන් බහින්බස්වීම දීර්ඝ කාලයක් තිස්සේ පවතින එකක් බවත්ය.

මෙම ඝාතනයට පැමිණි අනෙක් පුද්ගලයා දැනට මාස කිහිපයකට පෙර බෝර දොළහ ගිනි අවියක් සමග වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් වන අතර මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් වැලිපැන්න පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, වැලි පැන්න පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38