උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඇය මෙම දැනුම් දීම කර ඇත්තේ1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවයි.

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එස්.සි.මුතුකුමාරණ පත්කිරීමට නියමිත බව වාර්තා වුණේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එස්.සි.මුතුකුමාරණයි.