ගුර්බාස්ට අයි.සී.සීයෙන් දඬුවම්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස්ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දඹුල්ලේ දී පැවති ශ්‍රී ලංකාව සමඟ අවසන් විස්සයි විස්ස තරඟයේදීම අයි.සී.සී. චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ විනය කඩ කිරීම හේතුවෙන් ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වුණේ.

ගුර්බාස් “ජාත්‍යන්තර තරගයකදී විනිසුරුවරයෙකුගේ උපදෙස්වලට අවනත නොවීම” සම්බන්ධ අයි.සී.සී. නීති සංග්‍රහයේ 2.4 වගන්තියට පටහැනිව කටයුතු කළ බවට පිටියේ විනිසුරුවරුන් කරුණු දක්වා තිබෙනවා.

ඒ, අනුව ගුර්බාස්ගේ විනය වාර්තාවට එක් අවගුණ ලකුණක්ද එකතු කර ඇති අතර, මාස 24 ක කාලයක් තුළ ඔහුගේ විනය වාර්තාවට එක් වූ දෙවන අවගුණ ලකුණ මෙයයි.

මේ අතර රහ්මානුල්ලා ගුර්බාස් විසින් අදාළ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් විදිමත් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවයි අයි.සී.සීය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
7
+1
2
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09