spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුර්බාස්ට අයි.සී.සීයෙන් දඬුවම්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස්ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දඹුල්ලේ දී පැවති ශ්‍රී ලංකාව සමඟ අවසන් විස්සයි විස්ස තරඟයේදීම අයි.සී.සී. චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ විනය කඩ කිරීම හේතුවෙන් ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වුණේ.

ගුර්බාස් “ජාත්‍යන්තර තරගයකදී විනිසුරුවරයෙකුගේ උපදෙස්වලට අවනත නොවීම” සම්බන්ධ අයි.සී.සී. නීති සංග්‍රහයේ 2.4 වගන්තියට පටහැනිව කටයුතු කළ බවට පිටියේ විනිසුරුවරුන් කරුණු දක්වා තිබෙනවා.

ඒ, අනුව ගුර්බාස්ගේ විනය වාර්තාවට එක් අවගුණ ලකුණක්ද එකතු කර ඇති අතර, මාස 24 ක කාලයක් තුළ ඔහුගේ විනය වාර්තාවට එක් වූ දෙවන අවගුණ ලකුණ මෙයයි.

මේ අතර රහ්මානුල්ලා ගුර්බාස් විසින් අදාළ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් විදිමත් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවයි අයි.සී.සීය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
7
+1
2
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?