ගේ ගිනි ගනිද්දී කාන්තාවකුත් පිලිස්සී මිය ගිහින්

ගිනිගෙන විනාශ වූ නිවසක් තුළ තිබී පිලිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් සොයාගත් බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

අදාළ නිවස ඊයේ (23) පස්වරු 7.00ට පමණ ගින්නට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

නිවස තුළ තිබී සොයාගෙන ඇත්තේ කොහිලගේ ගුණවතී නැමැති 65 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකගේ සිරුරක් වන අතර, ඇය ආරච්චිකට්ටුව, කිරිවැල්කැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

මෙම කාන්තාව සහ ඇයගේ ස්වාමීපුරුෂයා සමඟ අදාළ නිවසේ ජීවත්ව ඇති අතර, ඔවුන් දෙදෙනාම එක්ව රාත්‍රී කාලයේ මත්පැන් පානය කිරීම හුරු වී සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (23) රාත්‍රියේ නිවසේ ඇති වූ ගින්න ප්‍රදේශවාසීන් විසින් නිවා දැමීමට කටයුතු කර ඇති අතර, නිවස තුළ සිටි කාන්තාව බේරාගැනීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ සැමියාට ගින්නෙන් හානියක් සිදුව නොමැති අතර, ගින්න හටගත් ආකාරය පිළිබඳව අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44