වනිඳුට දඬුවම් – බංග්ලාදේශය සමඟ තරග දෙකකුත් අහිමි වෙයි

පසුගිය දා නිමා වූ ඇෆ්ගනිස්ථාන සමඟ අවසන් විස්සයි විස්ස තරගයේ දී පිටියේ විනිසුරුවරයා සමඟ මතභේදාත්මක සිදුවීමට මැදි වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට දඬුවම් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

තරගයෙන් පසුව විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් ඔහුට තරග 02ක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම දඬුවමත් සමඟ ඔහුට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරග දෙක අහිමිව යනවා.

මේ අතර ඉහත දඬුවම්වලට අමතරව ඔහුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්ථාන සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී නිපන්දුවක් සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා සමඟ ඇතිකරගත් මතභේදාත්මක තත්ත්වය සහ මාධ්‍ය හමුවේ දී විනිසුරු තීරණ විවේචන කිරීම යන කරුණු වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වනිඳුට මෙලෙස දඬුවම් පනවා තිබෙනවා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්රෝඩ් වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
12
+1
12
+1
2
+1
14
+1
8
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25