ආහාර ඇනවුම භාරදෙන්න ගිය ශ්‍රී ලාංකිකයෙකුට කුවේට් රාජ්‍යයේ දී වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ආහාර බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

පසුගිය ජනවාරි මස 10 වනදා රාජාංගණයේ පදිංචි කේ.පී. ලක්ෂ්මන් තිලකරත්න නැමැති දෙදරු පියෙක් මෙලෙස කුවේට් රාජ්‍යයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

එදින අලුයම් කාලයේ ලැබුණු ආහාර ඇනවුමක් ලබාදීමට ගිය අවස්ථාවේ දී එම ඇනවුම භාරගැනීමට සිටි පුද්ගලයා ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් පසු මෙම ශ්‍රී ලාංකිකයා මෝටර් රථයෙන් නැවත පැමිණ ඇති අතර, අතර මඟ රථය නවතා තම ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී රෝහල් ගතව ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් ලක්ෂ්මන්ගේ උදර ප්‍රදේශයට බරපතළ හානි සිදුව ඇති අතර, එම තුවාලයට මැහුම් 40ක් යොදා තිබෙනවා.

වසර අවුරුදු 09 කාලයක් ලක්ෂ්මන් කුවේට් රාජ්‍යයේ සේවය කරන අතර, ඔහුගේ බිරිඳ පවසන්නේ තම සැමියා යළි මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සිය සැමියා මේ වනවිට රෝහලෙන් පැමිණ කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයේ සිටින බව ඔහුගේ බිරිඳ වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44