මාමණ්ඩිගේ ජීවිතය බිළිගත් බීගත් බෑනා

බෑනා විසින් මාමණ්ඩියව පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් පේරාදෙණිය, කුරුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පේරාදෙණිය පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රී කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මාරිමුත්තු ධර්මසීලන් නැමැති පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාගේ වැඩිමල් දියණියගේ සැමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සැකකාර බෑනා සිය බිරිඳ සහ දරුවන් අතහැර තනිව ජීවත්ව ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු ඊයේ (19) රාත්‍රියේ තම දරුවන් බැලීම සඳහා ඔහුගේ බිරිඳගේ පියාගේ නිවසට පැමිණ ඇති අතර, එහිදී සැකකරු ඔහුගේ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ මත්පැන් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී ඔහු මාමණ්ඩිය සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එහිදී සැකකරු පොල්ලකින් මාමණ්ඩියට පහර දී තිබෙනවා.

බෑනාගේ ප්‍රහාරයෙන් බේරීම සඳහා නිවසින් පිටතට දිවගොස් ඇති මාමණ්ඩිය නිවස ආසන්නයේ වැටී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් වැටී සිටි පුද්ගලයා වතුකම්කරුවන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන අරඹා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16