spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාමණ්ඩිගේ ජීවිතය බිළිගත් බීගත් බෑනා

බෑනා විසින් මාමණ්ඩියව පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් පේරාදෙණිය, කුරුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පේරාදෙණිය පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රී කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මාරිමුත්තු ධර්මසීලන් නැමැති පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාගේ වැඩිමල් දියණියගේ සැමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සැකකාර බෑනා සිය බිරිඳ සහ දරුවන් අතහැර තනිව ජීවත්ව ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු ඊයේ (19) රාත්‍රියේ තම දරුවන් බැලීම සඳහා ඔහුගේ බිරිඳගේ පියාගේ නිවසට පැමිණ ඇති අතර, එහිදී සැකකරු ඔහුගේ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ මත්පැන් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී ඔහු මාමණ්ඩිය සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එහිදී සැකකරු පොල්ලකින් මාමණ්ඩියට පහර දී තිබෙනවා.

බෑනාගේ ප්‍රහාරයෙන් බේරීම සඳහා නිවසින් පිටතට දිවගොස් ඇති මාමණ්ඩිය නිවස ආසන්නයේ වැටී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් වැටී සිටි පුද්ගලයා වතුකම්කරුවන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන අරඹා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?