මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකළ හේතුව සියඹලාපිටිය පහදයි

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බවයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආදේශ නොමැති ඇතැම් තනතුරු සඳහා එලෙස වැටුප් වැඩිවීම් ලබා දී ඇත්තේ ඔවුන්ව අදාළ තනතුරුවල රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

2022 – 23 කාලය තුළ සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් 99 දෙනෙකු හෙවත් 10% සේවක ප්‍රමාණයක් විදේශය ගත වී ඇති බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ සාමූහික ගිවිසුම් ප්‍රකාරව වසර තුනෙන් තුනට ඔවුන්ට එම වැටුප් වර්ධකය හිමි වන බවයි.

එදාළ වැටුප් සඳහා මුදල් ලබා දෙන්නේ ද මහ බැංකු ගිණුමෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
13
+1
4
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?