මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකළ හේතුව සියඹලාපිටිය පහදයි

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බවයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආදේශ නොමැති ඇතැම් තනතුරු සඳහා එලෙස වැටුප් වැඩිවීම් ලබා දී ඇත්තේ ඔවුන්ව අදාළ තනතුරුවල රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

2022 – 23 කාලය තුළ සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් 99 දෙනෙකු හෙවත් 10% සේවක ප්‍රමාණයක් විදේශය ගත වී ඇති බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ සාමූහික ගිවිසුම් ප්‍රකාරව වසර තුනෙන් තුනට ඔවුන්ට එම වැටුප් වර්ධකය හිමි වන බවයි.

එදාළ වැටුප් සඳහා මුදල් ලබා දෙන්නේ ද මහ බැංකු ගිණුමෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

  1. What kind of minister is this ? Srilanka has not paid a single dollar more than a year yet. How can he say that country has USD 4.7 billions ? The government has to pay over USD 6 billions a year. Any ordinary Mudalali has better knolwedge than this guy,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32