මීගොඩ ආර්ථිකේ කොල්ලයේ මහ මොළකරු සහ වෙඩික්කරු අල්ලයි

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳසැලක සේවිකාවකට වෙඩිතබා එහි තිබූ මුදල් කොල්ලකෑමේ සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කොල්ලකෑම සිදුකල අවස්ථාවේ දී වෙළඳසැලේ සේවිකාවට වෙඩි තැබූ වෙඩික්කරු ගොඩකවෙල ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ සඳහා යොදාගත් යතුරුපැදිය සහ ගිනිඅවිය ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (18) දිනයේ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් ද ඊයේ (17) කඩවත සහ ඉඹුල්ගම යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා 39 සහ 44 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

පසුගිය 12 වනදා අලුයම් කාලයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තොග වෙළඳසැලක පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙක් එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් කොල්ල කා යතුරුපැදියකින් පළාගොස් තිබුණා.

එහිදී උදරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබූ තරුණිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22