මීගොඩ ආර්ථිකේ කොල්ලයට දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳසැලක සේවිකාවකට වෙඩිතබා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (17) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාට යතුරුපැදිය සහා ඔවුන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක්.

කඩවත සහ ඉඹුල්ගම යන ප්‍රදේශවල දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කඩවත, කිරිල්ලවෙල ප්‍රදේශයේ සඟවා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව හිස්වැසුමක්, පිහියක් සහ කමිසයක් අවන්හලක කාමරයක් තුළ සඟවා තිබිය දී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා 39 සහ 44 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් වන අතර, ඔවුන් අද (18) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 12 වනදා අලුයම් කාලයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තොග වෙළඳසැලක පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙක් එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් කොල්ල කා යතුරුපැදියකින් පළාගොස් තිබුණා.

එහිදී උදරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබූ තරුණිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23