සෞඛ්‍ය සේවක ගැටලුවලට විසඳුම් සොයන්න සඳුදා විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා

ලබන සඳුදා එම සාකච්ඡාව පැවැත්වෙන බවයි එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ . එම සාකච්ඡාවේදී  එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද  ඔහු පැවසීය.