‘පියුමා’ගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අරඹයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සළිඳු මල්ෂික හෙවත් ‘කුඩු සළිඳු’ගේ ප්‍රධාන ගෝලයාවන පියුම් හස්තික නැමැත්තාගෙන් පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

‘පියුමා’ නැමති මෙම සැකකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා.

මෙම සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු 04ක් නිකුත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ‘කුඩු සළිඳු’ගේ වැඩිමහල් සහෝදරයා සමඟ රුපියල් මිලියන මුදල් 83ක ගනුදෙනු සිදුකර ඇති බවට ද අනාවරණ කරගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

පියුම් හස්තික හෙවත් පියුමා 2021 වසරේ ජනවාරි 25 වනිදා පානදුර උතුර පොලිස් වසමේ දී ලක්ෂාන් සඳරුවන් නැමැත්තා ඝාතනය කිරීම, 2020 වසරේ ජුනි මාසයේ 29 වැනිදා මොරටුව, කටුබැද්ද මංසන්ධියේ දී ද්විත්ව ඝාතනයක් සිදුකිරීම යන අපරාධවලට චෝදනා එල්ල වී තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15