ජනප්‍රිය යූටියුබ් තරුවක් නිවස තුළ මියගොස් සිටිය දී සොයාගැනේ

ජනප්‍රිය යූටියුබ් තරුවක් වන ‘මූඩියා සෙඩික්’ සිය නිවස තුළ මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඔහු මෙලෙස මිය යනවිට 23 හැවිරිදි වියේ පසු වුණා.

මිලියන 2.18ක යූටියුබ් ග්‍රාහකයින් පිරිසක් සිටින ‘twomad’ නැමති යූටියුබ් ගිණුමට වීඩියෝ එක්කරමින් ප්‍රසිද්ධියට පත්ව සිටි මෙම තරුණයා ඔහුගේ ලොස් ඇන්ජලීස් හි නිවසේ මියගොස් සිටිය දී පසුගිය අඟහරුවාදා සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මූඩියා සෙඩික්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය මෙම මරණයට හේතු වී ඇති බවට සැකකරන බවයි.

ඔහුගේ නිවස තුළ තිබී මත්ද්‍රව්‍ය ද සොයාගත් බව එම නිලධාරීන් සඳහන් කරනවා.

ඉතියෝපියානු සම්භවයක් ඇති මෙම යූටියුබ් තරුව 2000 දෙසැම්බර් 17 වන දින කැනඩාවේ විනිපෙග් හි උපත ලබා තිබෙනවා.

ඔහු 2018 වර්ෂයේ දී යූටියුබ් සමාජ මාධ්‍ය වේදිකාව වෙත පැමිණෙන්නේ ක්‍රීඩා සහ ප්‍රජා පුවත් කේන්ද්‍ර කරගත් වීඩියෝ නිර්මාණය කර ඊට එක් කිරීමෙන්.

මූඩියා සෙඩික් 2018 සිට මේ දක්වා කාලය තුළ සිය යූටියුබ් නාළිකාවට වීඩියෝ 156ක් නිර්මාණය කර එහි පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18