spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය යූටියුබ් තරුවක් නිවස තුළ මියගොස් සිටිය දී සොයාගැනේ

ජනප්‍රිය යූටියුබ් තරුවක් වන ‘මූඩියා සෙඩික්’ සිය නිවස තුළ මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඔහු මෙලෙස මිය යනවිට 23 හැවිරිදි වියේ පසු වුණා.

මිලියන 2.18ක යූටියුබ් ග්‍රාහකයින් පිරිසක් සිටින ‘twomad’ නැමති යූටියුබ් ගිණුමට වීඩියෝ එක්කරමින් ප්‍රසිද්ධියට පත්ව සිටි මෙම තරුණයා ඔහුගේ ලොස් ඇන්ජලීස් හි නිවසේ මියගොස් සිටිය දී පසුගිය අඟහරුවාදා සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මූඩියා සෙඩික්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය මෙම මරණයට හේතු වී ඇති බවට සැකකරන බවයි.

ඔහුගේ නිවස තුළ තිබී මත්ද්‍රව්‍ය ද සොයාගත් බව එම නිලධාරීන් සඳහන් කරනවා.

ඉතියෝපියානු සම්භවයක් ඇති මෙම යූටියුබ් තරුව 2000 දෙසැම්බර් 17 වන දින කැනඩාවේ විනිපෙග් හි උපත ලබා තිබෙනවා.

ඔහු 2018 වර්ෂයේ දී යූටියුබ් සමාජ මාධ්‍ය වේදිකාව වෙත පැමිණෙන්නේ ක්‍රීඩා සහ ප්‍රජා පුවත් කේන්ද්‍ර කරගත් වීඩියෝ නිර්මාණය කර ඊට එක් කිරීමෙන්.

මූඩියා සෙඩික් 2018 සිට මේ දක්වා කාලය තුළ සිය යූටියුබ් නාළිකාවට වීඩියෝ 156ක් නිර්මාණය කර එහි පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?