AFC Banner
Empty Ad
Empty Ad

රට යන අයටත්, රට ගිය අයටත් අහන්න රේඩියෝවක්

විදේශ රැකියාවන් හි නියුක්තව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ” පිටරට ” නමින් රේඩියෝවක් පසුගිය 07 වනදා සිට ආරම්භ වුණා.

එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජනගත කරනු ලැබුවා.

මෙම රේඩියෝව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුවත් සහ නිවේදන විකාශය කිරීම, රැකියාවක් සඳහා විදේශ ගත වීමේදී දැනගත යුතු විශේෂ කරුණු, ඒ ඒ රටවල සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව කරුණු, නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් විකාශය වනු ඇති.

මීට අමතවර ගීත ඉල්ලීම් වැඩසටහන් , රස වින්දන, සෞන්දර්යාත්මක හා විනෝදාත්මක වැඩසටහන් ද විකාශය කෙරෙනවා.

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු අදාළ වගකිවයුත්තන්ට යොමු කිරීම සහ ඒවාට විසඳුම් වැඩසටහන් මගින් ඉදිරිපත් කිරීම ද මෙම රේඩියෝව මගින් සිදුකෙරෙනවා.

විදෙස් ගත ආදරණිය ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ ගැටළු සඳහා අමාත්‍යවරයා විසින් පෞද්ගලිකවම පිළිතුරු ලබාදීමේ ක්‍රම වේදයක් ද ළඟදීම මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිතයි.

www.pitarata.net යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම රේඩියෝවට සවන් දීමට ඔබට හැකියාව තිබෙනවා.

මෙම වෙබ් පිටුව හරහා රේඩියෝවට අමතරව ශ්‍රී ලංකාව පිලිබඳ පුවත්, ටෙලි නාට්‍ය, වෙනත් රුපවාහිනී වැඩසටහන් ආදී බොහෝ විශේෂාංග ඉදිරිපත් කෙරෙනවා.

මේ වන විට වෙබ් පිටුව හරහා මෙම සියල්ල ඔබට ලැබෙන අතර, නුදුරේදීම මේ සඳහා ඇප් එකක්ද ඔබ අතට පත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?