රට යන අයටත්, රට ගිය අයටත් අහන්න රේඩියෝවක්

විදේශ රැකියාවන් හි නියුක්තව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ” පිටරට ” නමින් රේඩියෝවක් පසුගිය 07 වනදා සිට ආරම්භ වුණා.

එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජනගත කරනු ලැබුවා.

මෙම රේඩියෝව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුවත් සහ නිවේදන විකාශය කිරීම, රැකියාවක් සඳහා විදේශ ගත වීමේදී දැනගත යුතු විශේෂ කරුණු, ඒ ඒ රටවල සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව කරුණු, නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් විකාශය වනු ඇති.

මීට අමතවර ගීත ඉල්ලීම් වැඩසටහන් , රස වින්දන, සෞන්දර්යාත්මක හා විනෝදාත්මක වැඩසටහන් ද විකාශය කෙරෙනවා.

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු අදාළ වගකිවයුත්තන්ට යොමු කිරීම සහ ඒවාට විසඳුම් වැඩසටහන් මගින් ඉදිරිපත් කිරීම ද මෙම රේඩියෝව මගින් සිදුකෙරෙනවා.

විදෙස් ගත ආදරණිය ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ ගැටළු සඳහා අමාත්‍යවරයා විසින් පෞද්ගලිකවම පිළිතුරු ලබාදීමේ ක්‍රම වේදයක් ද ළඟදීම මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිතයි.

www.pitarata.net යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම රේඩියෝවට සවන් දීමට ඔබට හැකියාව තිබෙනවා.

මෙම වෙබ් පිටුව හරහා රේඩියෝවට අමතරව ශ්‍රී ලංකාව පිලිබඳ පුවත්, ටෙලි නාට්‍ය, වෙනත් රුපවාහිනී වැඩසටහන් ආදී බොහෝ විශේෂාංග ඉදිරිපත් කෙරෙනවා.

මේ වන විට වෙබ් පිටුව හරහා මෙම සියල්ල ඔබට ලැබෙන අතර, නුදුරේදීම මේ සඳහා ඇප් එකක්ද ඔබ අතට පත්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28