වී අස්වැන්නට නිසි මිලක් නැහැ (වීඩියෝ)

නැගෙනහිර පළාතේ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බවට ගොවීන් මෙවරත් මැසිවිලි නගනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරුවල මේ වන විට වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ගොවීන් පවසන්නේ වී අස්වනු සඳහා නිසි මිලක් නොමැති වීමෙන් ඔවුන් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවයි.

පෞද්ගලික වී වෙළෙඳුන් විසින් වී කිලෝ ග්‍රෑමයක් මිලදී ගන්නේ රුපියල් 75ත් 80ත් අතර ඉතා අඩු මුදලකට බව ගොවීන් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් මෙවර වී අස්වනු නෙලීම නෙලීමේ යන්ත්‍රෝපකරණ සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජයෙන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවටත් ගොවීන් චෝදනා කළා.

ගොවීන් මෙලෙස චෝදනා කරද්දී අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා කැළෑ වැදී විනාශ වී ඇති ආකාරය ද දැකගත හැකි වුණා.

ගොවීන් පවසන්නේ රජයේ වී ගබඩා විවෘත කර වී මිලදී ගන්නේ නම් පෞද්ගලික වෙළෙඳුන්ට අඩු මුදලට තම අස්වැන්න ලබා දීමට සිදු නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27