හමාස් සංවිධානයෙන් දීර්ඝ සටන් විරාමයක් සඳහා යෝජනාවක්

දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.ගාසා තීරයේ මාස 4 1/2ක් පමණ සටන් අත්හිටුවා, පසුව ගැටුම් නවතා දැමීමට යෝජනා කර තිබෙනවා.

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ කැමැත්ත ඇතිව කටාර් සහ ඊජිප්තු බලධාරින් හමාස් සංවිධානයට යොමු කර තිබූ යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය මෙම යෝජනාව කර තිබෙනවා.එම යෝජනාවලිය අදියර තුනකින් සමන්විත වන අතර පළමු අදියර යටතේ, ඉතිරි ව සිටින ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම ද දෙවැනි අදියර යටතේ ගාසා තීරය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමටත් තෙවැනි අදියර යටතේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීමට හා මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?