කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල වෙතින් මූලික පැරෂුට් පුහුණුව සාර්ථකව නිමාකළ දේශීය සහ විදේශීය පැරෂුට් භටයින් වෙත නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ අතින් ඊයේ (06)දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී සිදු කෙරුණි.
මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය නියෝජනය කරමින් මෙරට දී මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව අංක 4 හැදෑරූ පිරිසකට සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙසුනිලයන් පිරිසකට මෙලස නිල ලාංඡන පැළඳවීම සිදු කර තිබුණා.
ඒ අනුව, මූලික පැරෂුට් පුහුණුව සාර්ථකව හැදෑරූ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ සෙසු නිලයින් 14ක් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙසු නිලයින් 13ක් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් අතින් නිල ලාංඡන පළඳවනු ලැබුවා.
මෙහි විශේෂත්වය වන්නේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ද මෙම පිරිස සමඟ කුඩා ඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලේ දී පැරෂුට් පැනීමේ කුසලතාවය ප්‍රගුණ කර තිබීමයි.













