සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය හෙට (07) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ග කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ,අද (06) එම වෘත්තිය සමිති සන්ධානය සහ මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකඡාවකින් අනතුරුවයි.
එම වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ අදාළ වර්ජන ක්‍රියාමාර්ගය තවත් සතියකින් කල් දැමූ බවයි.
වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබදෙන ලෙස සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ, සම්බන්ධයෙන් රජයට බලකරමින් පසුගිය සතියේ සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කළා.













