පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින අග්‍රාමාත්‍යවරයාට අවසර ලබා දුන්නා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද විභාගය සඳහා කැඳවූ අවස්ථාවලදී එහි වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසර ලබාදීම සිදු කෙරුණා.

අදාල පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම නඩුවලට අදාළව කරුණු දැක්වීම සඳහා පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය සිදුකළ කමිටුවේ වාර්තාව සහ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ගොනුකර තිබෙන බව සඳහන් කළා.

නඩු විභාගය ආරම්භ වී තිබෙන මෙම අවස්ථාවේදී මෙවැනි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා මෝසමක් ගොනු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු දන්වා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධතාවලට යටත්ව අදාළ සීමා නිර්ණය කමිටු වාර්තාව සහ සෙසු ලේඛන ලබන 14 වනදාට පෙර ගොනු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට අධිකරණය විසින් අවසර ලබා දුන්නා.

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56