ගසක අත්තක් කඩා වැටී තවත් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

කැපූ ගසක අත්තක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පාසල් සිසුවා පසුගිය 03 වනදා මෙම අනතුරට මුහුණ පා ඇති අතර, ඔහු නාවලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්.

අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ මෙම සිසුවාගේ අවසන් කටයුතු අද (06) දිනයේ සිදුකිරීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසුවා ඉකුත් 03 දින දහවල් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ නොර්වුඩ් නගරයට ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම වතුයායේ වගා කර තිබූ යුකෙලෙප්ස්ටික් ගස් කිහිපයක් මිල දී ගෙන එම ගස් කපා ඉවත් කිරිමේ දී කැපූ විශාල ගසක් බිමට කඩා වැටිමේ දී එම ගසේ අත්තක් කැඩී තවත් ගසක රැදී තිබෙනවා.

අවදානම් ලෙස ගසෙහි රැදි තිබූ යුකෙලෙප්ස්ටික් ගසේ අත්ත පාසල් සිසුවාගේ හිස මතට මෙලෙස කඩා වැටී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නොර්වුඩ් පොලිසිය සඳහන් කළේ.

කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබූ කොන්ත්‍රාත්කරු සහ සහායකයින් සිව්දෙනෙක් නොර්වුඩ් පොලීසිය විසින් ඊයේ (05) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51