AFC Banner
Empty Ad
Empty Ad

විෂ සහිත උරගයින්ට අභය දානය දෙන්න පාපැදියෙන් යන තරුණයා (වීඩියෝ)

පාපැදියෙන් ගොස් විෂ සහිත උරගයින් බේරා එම සතුන්ට අභය දානය ලබාදෙන තරුණයෙක් පිළිබඳව ඉංගිරිය, නිමලගම ප්‍රදේශයෙන් දසත නිව්ස් අපට වාර්තා වුණා.

එලෙස බේරා ගන්නා උරගයින් මුදා හැරරෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයටයි.

ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වන හිමේෂ් දිල්ෂාන් නැමැති තරුණයා වයස අවුරුදු 13 සිට විෂ සහිත උරගයින්ට අභය දානය ලබා දෙනවා.

තරුණයා මේ වන විට උරගයින් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කර ඇති බව පැවසනෙවා.

ඉංගිරිය සහ ඒ අවට ප්‍රදේශවල හිංසාවට ලක්වී සිටින නයි, පොළොන්ගුන් සහ මා පිලන් ඇතුළු උග්‍ර විස සහිත සහ මද විෂ සහිත උරගයින් මෙලෙස බේරා ගන්නවා.

හිමේෂ් මේ සඳහා යොදා ගන්නේ තමන් විසින්ම සාදා ගන්නා ලද කම්බිකූරක්.

තුවාල ලැබූ උරගයන්ට ප්‍රතිකාර කිරීමටද හිමේෂ් කටයුතු කරනවා.

ඇතැම් දිනවල කිලෝමීටර් 40 කට වඩා පාපැදියෙන් ගමන් කරන බව ඔහු දසත නිවුස් සමග පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?