විෂ සහිත උරගයින්ට අභය දානය දෙන්න පාපැදියෙන් යන තරුණයා (වීඩියෝ)

පාපැදියෙන් ගොස් විෂ සහිත උරගයින් බේරා එම සතුන්ට අභය දානය ලබාදෙන තරුණයෙක් පිළිබඳව ඉංගිරිය, නිමලගම ප්‍රදේශයෙන් දසත නිව්ස් අපට වාර්තා වුණා.

එලෙස බේරා ගන්නා උරගයින් මුදා හැරරෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයටයි.

ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වන හිමේෂ් දිල්ෂාන් නැමැති තරුණයා වයස අවුරුදු 13 සිට විෂ සහිත උරගයින්ට අභය දානය ලබා දෙනවා.

තරුණයා මේ වන විට උරගයින් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කර ඇති බව පැවසනෙවා.

ඉංගිරිය සහ ඒ අවට ප්‍රදේශවල හිංසාවට ලක්වී සිටින නයි, පොළොන්ගුන් සහ මා පිලන් ඇතුළු උග්‍ර විස සහිත සහ මද විෂ සහිත උරගයින් මෙලෙස බේරා ගන්නවා.

හිමේෂ් මේ සඳහා යොදා ගන්නේ තමන් විසින්ම සාදා ගන්නා ලද කම්බිකූරක්.

තුවාල ලැබූ උරගයන්ට ප්‍රතිකාර කිරීමටද හිමේෂ් කටයුතු කරනවා.

ඇතැම් දිනවල කිලෝමීටර් 40 කට වඩා පාපැදියෙන් ගමන් කරන බව ඔහු දසත නිවුස් සමග පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31