සිරගත කළ සැනින් රෝහල් ගතවෙන ලොකු ලොක්කන්ගේ රෝගය (වීඩියෝ)

බලයේ සිටින දේශපාලනඥයින්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම, මෙරට දේශපාලන ඉතිහාසයේ සිදුවන අතිශය සුලබ සිදුවීමක්.

එහෙත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ මෙරට දූෂිත දේශපාලන සංස්කෘතියට ලැබුණේ වෙනස් මානයක්.

නමුත් එලෙස රක්ෂිත බන්ධනාගාරගත වූ කෙහෙළිය රඹුක්වැල්ල නතර වුණේ බන්ධනාගාර රෝහලේයි.

අධිකරණයෙන් දඬුවම් නියම වූ සැනින් අසනීප වී රෝහල්ගත වුණු දේශපාලනඥයින්ගේ සහ බලවත් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුව බෙහෙවින්ම දිගු එකක්.

මරණ දණ්ඩනය නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පසුගිය ජනවාරි 20 වෙනිදා සිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.

ඔහුට මරණ දඬුවම නියම වූ තැන් සිට මෙන්ම ඊට පෙර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කළ තැන් සිට මේ දක්වා ගෙවා ඇති දඬුවම් කාලය මුළුමනින්ම පාහේ ගෙවුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදීයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපති සමාව පිරිනමා නිදහස් කළ පසුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයද දැරූ ඔහු නැවතත් ලෙඩ ඇඳට වැටුණේ ඔහුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණට තීන්දු කළ පසුව වීම විමතියට කරුණක්.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් මත 2018 ඔක්තෝබර් 25 වැනි දින රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා රක්ෂිත බන්ධනාගාරයට නියම වූ මුළු කාලයම ගෙවාදමා තිබුණේ බන්ධනාගාර රෝහලේයි.

2015 ජනාධිපතිවරණ සමයේ මහජන මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදූ චෝදනාවට වරදකරුවන් වී බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිට ද ඇතුළත් කෙරුණේ බන්ධනාගාර රෝහලටයි.

දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බන්ධනාගාරයේ ගත කළ යුතු මුළු කාලයම කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබන මර්චන්ට් වෝඩ් ලෙස හඳුන්වන වාට්ටුවේ ගෙවා දැමුවා.

ඔහු අධිකරණයට පැමිණි සෑම අවස්ථාවකම රැගෙන ආවේ ගිලන් රථයකින් වීම ද විශේෂයක්.

එහෙත් ඇප ලබා නිදහස් වූ තැන් සිට ක්‍රියාකාරීව දේශපාලනය කිරීමටත්, පක්ෂ සංවිධාන වැඩ මෙහෙයවීමටත් ඔහුට හැකි වුණා.

මර්චන්ට් වාට්ටුවේ සිට රක්ෂිත බන්ධනාගාර කාලය ගෙවා දැමූ දේශපාලනඥයින් අතර තිස්ස අත්තනායක, ජයන්ත සමරවීර, ටිරාන් අලස්, සචින් වාස් ගුණවර්ධන යන අය ද වෙනවා.

සුළු වරදවලට බන්ධනාගාර ගත වී අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා අහිමිව පිරී ඉතිරී යන බන්ධනාගරවල තෙරපෙමින්, බෙහෙත් පෙත්තක් පවා අහිමිව වේදනා විඳින සාමාන්‍ය සිරකරුවන් අතර, කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ හෝ මහජන මුදල් වංචා කළ දේශපාලනඥයින්ට රෝහල්ගත වී, නිදහසේ සිටීමට වෛද්‍ය නිර්දේශ සපයන වෛද්‍ය වෘත්තිකයින් ද සිටින බව රහසක් නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51