බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඊයේ (04) හබරාදූව ප්‍රදේශයේ දී මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මිනී මැරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 28 හැවිරිදි වියේ පසුවන කටුදම්පේ, රත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













